(කොළඹ, ලංකාපුවත්) – සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් ඉන්දියානු බෝට්ටුවක් පැහැර ගෙන තිබේ.
එම බෝට්ටුවේ සිටි කාර්යමණ්ඩල සමාජිකයන් සංඛ්‍යාව 11කි. යේමනයේ සොකොට්‍රා දූපත සහ සෝමාලියානු වෙරළ තීරය අතරින් ගමන් කරද්දී බෝට්ටුව පැහැර ගැනීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.
එය මේ වන විට සෝමාලියාවේ හොබියෝ නගරයේ සිට කිලෝ මීටර 50ක් දකුණින් වූ ප්‍රදේශයක නැංගුරම් ලා ඇතැයි වාර්තා වේ.
බෝට්ටුව සහ කාර්යමණ්ඩලය නිදහස් කර ගැනීමට සෝමාලි මුහුදු කොල්ලකරුවන් සමග සාකච්ජා කිරීමට උත්සාහ කරමින් සිටින බව බලධාරීන් පවසා ඇත.
කොල්ලකරුවන්ට ඒ වෙනුවෙන් කප්පම් අවශ්‍ය බව පවසා තිබේ.