ප්‍රතිසංවර්ධිත ගුවන්තොටුපොළ ධාවන පථයේ මෙහෙයුම් හෙට සිට අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රතිසංවර්ධනය කරන ලද කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ධාවන පථය ගුවන් මෙහෙයුම් සඳහා හෙට(06) විවෘත කරයි.

මෙම ව්‍යාපෘතියට වැය කෙරුණු මුදල රුපියල් කෝටි 750කි.  ධාවන පථයේ නවීකරණ ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි 06 වැනිදාය. 

මීටර් 3,375 දිගින් යුත් ධාවන පථය ලෝකයේ නවීණ තාක්ෂණික ක්‍රම රැසක් උපයෝගී කරගෙන නවීකරණය කිරීම විශේෂත්වයකි.

ප්‍රතිසංවර්ධනය කරන ලද ධාවන පථයට ප්‍රථමයෙන් පැමිණෙන්නේ ශ්‍රී ලංකන්ගුවන් සමාගමට අලුතින් මිලදී ගන්නා ලද යූ.එල් 1162 දරන ගුවන් යානයයි.

කටුනායක ගුවන් තොටුපොළ දිනකට ගුවන්යානා 175ක් 180ත් අතර සංඛ්‍යාවක් මෙහෙයවන අතර වාර්ෂිකව හසුරුවන ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 6කට අධිකය.

එසේම නව මගී පර්යන්තයක් ඉදිකෙරෙන අතර 2019 වසරේ එයි විවෘත කිරීමෙන් පසු කටුනායක ගුවන්තොටුපොළ දෙවැනි වන්නේ සිංගප්පූරුවට පමණක් බව, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *