ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නෞකාවක් ගිනි ගනියි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 33ක් පමණ වූ දුරකදී පැනමා ධජය යටතේ යාත‍්‍රා කරමින් තිබූ ඩැනීලා නම් වූ බහාලූම් නෞකාවක ගින්නක් හට ගෙන තිබේ.

ගින්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කෙරුණු අතර කඩිනමින් ක‍්‍රියාත්මක වූ නාවික හමුදාව ගින්න මැඩ පැවැත්වීම සඳහා වේග ප‍්‍රහාරයක යාත‍්‍රා දෙකක් පිටත් කර හැරීමට කටයුතු යොදා ඇත.

ඒ සඳහා කොළඹ වරාය සතු රාවනා සහ මහවැව යන ටග් යාත‍්‍රාවන් ද එක් වූ අතර  ටග් යාත‍්‍රාවන් කටයුතු කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහාය.

වේග ප‍්‍රහාරක යාත‍්‍රා නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීමට කටයුතු කළ අතර පසුව ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමේ කටයුතු ආරම්භ වූ බව  නාවික හමුදාව ප‍්‍රකාශ කළේය.

වේග ප‍්‍රහාරක යාත‍්‍රා දෙක තවදුරටත් එම මුහුදු සීමාවේ රඳවා තබා නෞකාවේ කාර්ය මණ්ඩලයට සහය දක්වන බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *