කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ලකළ තවත් අයෙක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – කළුතර බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශන වලදී අනාවරණය කරගත් තොරතුරු අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුට එරෙහිව කළුතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සහ සමයං ඇතුළු රැඳවියන් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට සැඟවී සිටීම සඳහා වාසස්ථාන ලබාදෙමින් රැකවරණය සපයා ඇති බවට සහ ඝාතනයට ආධාර අනුබල දීම යන චෝදනා පවතින බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි සමිත් චානක නැමැති 24 හැවිරිදි අයෙකු බව සඳහන්වේ.

ඔහු සතුව තිබී අපරාධය සංවිධානය කිරීම සඳහා යොදාගත් ජංගම දුරකථන දෙකක්ද පොලීසිය බාරයට ගෙන තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *