සාප්පු සවාරි යාමේදී ඉන්ෆ්ලුවෙන්සා ගැන සැලකිලිමත් වන්නන – වෛද්‍ය පර්යේෂණ ආයතනය  

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා සාප්පු සවාරි යාමේදී ප්‍රවේශම් වන්නැයි, වෛද්‍ය පර්යේෂණ ආයතනය දැනුම්දෙයි.

විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්, කුඩා දරුවන් සහ නිධන්ගත රෝගවලින් පීඩා විඳින්නට මේ වෛරසය පහසුවන් ආසාදනය වන බැවින් වඩා ආරක්ෂාකාරී විය යුතු ය.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ඕනෑම ස්ථානයක තිබිය හැකි බැවින් සබන් යොදා නිතරම දෑත් පිරිසිදුව තබා ගත යුතුය.  මුහුණ හා මුඛය අපිරිසිදු අත්වලින් පිස දැමීමෙන් හා ඇල්ලීමෙන් මේ වෛරසය පහසුවෙන් ශ්වසන පද්ධතියට ඇතුළු වී හැකිය.

සිංහල හා හිංදු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන පිරිස අධික බැවින් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන් නිධන් ගත රෝගවලින් පීඩා විඳින්නන් මෙන්ම වයෝවෘධ පුද්ගලයින් තදබදයට පෙර ගම්බිම් බලා යාම වඩාත් උඩිත බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර මහත්මිය ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *