ඉන්දු – ශ්‍රී  ලංකා ධීවර සාකච්ඡා හෙට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වටයක් හෙට (07) කොළඹදී පැවැත්වීමට නියමිතය.

දෙරටේ ධීවර අමාත්‍යාංශ නිළධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට සැළසුම් කර ඇත.

ඒ සඳහා සහභාගී වන ඉන්දීය රජයේ නියෝජිතයින් පිරිස අද (06) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉන්දු – ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්දියාවේදී සහ මෙරටදී සාකච්ඡා පවත්වනු ලැබීය.එම සාකච්ඡාවල තවත් එක් අදිරක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *