කැප්පෙටිපොල වලව්ව ප්‍රතිසංස්කරණයට අධ්‍යාපන ඇමතිගෙන්  නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – විනාශවීමේ අවදානමකට ලක්ව ඇති  කැප්පෙටිපොල වලව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දී තිබේ.

ඒ  මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් වෙතය.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස නම් කර ඇති වීර මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමන් ජීවත් වූ කැප්පෙටිපොල වලව්ව විනාශවීමේ අවදානමක පවතින බව සඳහන් වූ ප්‍රවෘත්තියක් පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

මේ පිළිබඳව දැනුවත් වූ වහාම මොනරවිල කැප්පෙටිපොල අදිකාරම්තුමාගේ මිනිබිරියක වන ධනරංජනී මොනරවිල කැප්පෙටිපොල මහත්මියට ඊයේ (06) උදෑසන දුරකථනයෙන් ඇමතූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඒ සම්බන්ධයෙන් කරුණු විමසා ඇත.

එසේම ඒ සම්බන්ධව ඉදිරියේ දී මතුවන ඕනෑම කරුණක දී තමා දැනුවත් කරන ලෙස ද අමාත්‍යවරයා ධනරංජනී මොනරවිල කැප්පෙටිපොල මහත්මියව දැනුවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *