විමල් ඇප මත නිදහස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇප මත නිදහස් අද(07) නිදහස් කරනු ලැබීය.

රුපියල් 50,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින්වන ශරීර ඇප දෙකක් මත සැකකාර මන්ත්‍රීවරයා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් නියෝග කරනු ලැබීය.

මන්ත්‍රීවරයාට විදේශ ගමන් තහනම් බැවින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගන්නා බවත් විනිසුරුවරුය දැනුම්දී තිබේ.

දියණියගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන ඇප ලබාදීම සිදු කරන බවයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *