බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පරදියි

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය සේවා ක්‍රිකට් තරඟාවලියේ A කණ්ඩායම යටතේ පැවති තරඟයකින්  බන්ධනාගාර දෙපාර්තමේන්තු A කණ්ඩායම හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු A කණ්ඩායම අතර 2017.04.06 දින පැවති තරඟයේ දී සෞඛ්‍ය දෙපාර්තමේන්තු A කණ්ඩායම පරදවා කණ්ඩායම් නායක විමන්ද රාදික ක්‍රීඩකයාගෙන්යුත් බන්ධනාගාර දෙපාර්තමේන්තු A කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත්විය.

මෙම තරඟයේ දී සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායමෙහි ඉනිම ලකුණු 35කට සීමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු A කණ්ඩායම සමත්වූ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තු A කණ්ඩායම පන්දුවාර 06ක දී ලකුණු 40ක් ලබාගත් අතර එහිදී එක් කඩුල්ලක් ඔවුන්ට අහිමි වී ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ A කණ්ඩායමේ විෂිශ්ඨ දස්කම් පෑමට ආර්.ඩී.ජී. නිර්මාල් ක්‍රීඩකයා සමත් වූ අතර ඔහුගේ සුවිශේෂි පන්දු යැවීමතුලදී සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායම ලකුණු 35කට සීමා කිරීමට සමත්විය.

මෙම ආර්.ඩී.ජී. නිර්මාල් ක්‍රීඩකයා පන්දුවාර 09යි බෝල 03කදී ලකුණු 14කට කඩුලු 06ක් දවාලීමට සමත්වී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *