අවුරුද්දට ගෙදර යන්න අදත් විශේෂ ප්‍රවාහන සේවාව

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සහ දුම්රිය සේවාව අද(11) දිනයේ ද ක්‍රියාත්මකය.

ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ උත්සවය නිමිත්තෙන් අමතර ලංගම බස් රථ 4,600ක් විශේෂ ධාවනයට එක්කර ඇති බවය.දුරගමන් සේවා සඳහා ඉන් බස් රථ 1200ක් යොදවා තිබේ.

ලබන 25 වැනිදා දින තෙක් එම විශේෂ ප්‍රවාහන වැඩසටහන ක්‍රියාත්මකය.

මේ අතර අවුරුදු සමය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවන් ද මේ වන විට ක්‍රියාත්මක වේ.

අධිවේගී මාර්ගයේ තදබදය අඩු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේය.

එසේම මගීන්ගේ ආරක්ෂාව සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් පොලීසිය මගින් ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර උත්සව සමයේදී බීමත්ව රිය පැදවීම පිළිබද වැඩි අවධානය යොමුකර ඇති බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *