G.S.P + සුදුසුකම් සොයන්න නියෝජිතයින් ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ජී.එස්.පි.ප්ලස් සහනය ලබාදීම පිළිබද තවත් සුදුසුකම් සොයා බැලීම සඳහා විශේෂ නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇත.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික ස්ථාවරත්වය, මානව හිමිකම් සහ කම්කරු නීති ඇතුළු තවත් සාධක කිහිපයක් පිළිබද ඔවුන්ගේ අවධානයට ලක් කිරීමට නියමිතය.

මීට පෙර ද නියෝජිත කණ්ඩායම් කිහිපයක් මෙරට සංචාරයක නිරත වුණු අතර ඔවුන්ගේ නිර්දේශ මත ශ්‍රී ලංකාවට ජී.එස්.පි.ප්ලස් සහනය ලබාදිමේ මූලික පියවර මේ වන විට ගෙන තිබේ.

මේ අතර ජී.එස්.පි.ප්ලස් සහනය ලබාදීම පිළිබද විශේෂ සාකච්ඡාවක් ලබන 19 වැනිදා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *