අනාගත පරපුර මත් උවදුරෙන් බේරාගැනීමට ඇරඹූ වැඩපිළිවෙළ සාර්ථකයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – අනාගත පරපුර මත් උවදුරෙන් ගලවා ගැනීමට රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සදහන් කරයි.

මහනුවර තෙල්දෙණිය මූලික රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

ජයිකා සංවිධානයේ මූල්‍යාධාර මත සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ ඉදිකළ නව පස් මහල් ගොඩනැගිලි සංකීර්ණය ජන අයිතියට ඊයේ(11) පත් කෙරුණි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

ශල්‍යාගාර සංකීර්ණයක් , දැඩි සත්කාර ඒකකයක් හා අධිකරණ වෛද්‍ය ඒකකයකින් එය සමන්විතයි. මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ දෙදහස් තුන වසරේ මැයි මස 4 වනදාය.

ඒ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි වත්මන් ජනාධිපතිතුමා අතිනි.

ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව නව වාට්ටු සංකීර්ණයට ඇතුළත් කළ පළමු රෝගියා ලියාපදිංචි කිරීම සිදුවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *