අගමැතිගේ වියට්නාම සංචාරය කලින් අවසන් කිරීමට තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම ජනාධිපති ට්‍රාන් දායි ක්වාන්ග් මහතා අතර  නිල සාකච්ඡා අද(17)  වියට්නාමයේ හැනෝයි හිදී පැවැත්වේ.

අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ(16) හැනෝයි නුවරට පැමිණි  අතර එහිදී ඔවුන් විශේෂ පිළිගැනීමකට ලක්ව තිබේ.

වියට්නාම විදේශ කටයුතු අමාත්‍යංශයේ සහය අග්‍රමාත්‍යවරයා ඇතුළු පිරිසක් විසින් අග්‍රමාත්‍යවරයා ගුවන්තොටුපොළේ දී පිළිගත් බව අග්‍රමාත්‍ය  කාර්යාලය සඳහන් කළේය.

අග්‍රමාත්‍යවරයා පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළේ විශේෂ හමුදා උත්තමාචාර පෙළපාළියක් ද පවත්වා ඇත.

එසේම අග්‍රමාත්‍යවරයා පිලිගැනීමේ රාජ්‍ය උත්සවය අද පැවැත්වීමට නියමිතය.

අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරය ලබන 19 වනදා දක්වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබුණද මීතොටමුල්ල ඛේදවාචකය හේතුවෙන් එම සංචාරය අදාළ කාලයට පෙර නිම කිරීමට තීරණය කර ඇති බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *