ක්‍රීඩා රෙගුලාසි අනුව කටයුතු නොකරන ක්‍රීඩා සංගම්වලට එරෙහිව දැඩි දඬුවම්

‍(කොළඹ, ලංකාපුවත්) –  අති විශේෂ ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කළ නව ක්‍රීඩා රෙගුලාසි අනුව කටයුතු නොකරන ක්‍රීඩා සංගම්වලට එරෙහිව තරාතිරම නොබලා දැඩි පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

විශේෂයෙන්ම මුදල් රෙගුලාසි කඩකරන හා මුදල් අක්‍රමිකතා පිලිබඳ චෝදනා ඇති නිලධාරීන්ට කිසිදු සමාවක් හිමි නොවන බවත් නීතියේ සඳහන් දැඩි දඩුවම් පමුණවන බවත් ජයසේකර මහතා සදහන් කළේය.

විගණනය කරන ලද මූල්‍ය වාර්තා ක්‍රිඩා සංගම්වල සාමාජිකයන්ට නියමිත කලට ඉදිරිපත් නොකොට නිලවරණ කැඳවීමට උත්සහ දරන ජාතික සංගම්වල ප්‍රධානීන්ට දැඩි දඩුවම් පමුනුවන බවද ඒ මහතා පැවසීය.

මේ වනවිටත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය ක්‍රීඩා රෙගුලාසි උල්ලංඝණය කරමින් නිලවරණය පවත්වා එය ක්‍රීඩා අමාත්‍යාංශය පිළිනොගන්නා බව ප්‍රකාශ කොට ඇති අතර හිටපු සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන නිලධාරීන් තිදෙනාට ජීවිතාන්ත තහනමක් පැනවීමට ද තීරණය කොට ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *