(කොළඹ, ලංකාපුවත්) – රුපියල් කෝටි 07ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකා රේගුව කියාසිටියේ මේ පුද්ගලයා ඩුබායිහි සිට පැමිණි ගුවන් යානයකින් කටුනායකට පැමිණ ඇති බවය.
අදාළ ස්වර්ණාභරණ තොගය ඔහුගේ අත්බෑගය තුළ සඟවා තිබුණි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 වන වියේ පසුවන්නෙකු බවද ඔහු කොළඹ ග්රෑන්ඞ්පාස් ප්රදේශයේ පදිංචිකරුවෙකු බවද හඳුනාගෙන තිබේ.
මේ ස්වර්ණාභරණ තොගයේ මුළු බර කිලෝග්රෑම් 10ක් පමණ වන වේ.