සිරියාවේ බස් රථ පෙළකට එල්ල වූ ප‍්‍රහාරය පාප් වහන්සේ හෙළා දකියි

(කොළඹ, ලංකාපුවත්) – සිරියාවේ බස් රථ පෙළකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ විසින් හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

වතිකානයේ ශාන්ත පීතර චතුරස‍්‍රයේ දී සිය පාස්කු දේශනය පවත්වමින් පාප් වහන්සේ මේ බව ප‍්‍රකාශ කර ඇත.

ගැටුම්වලට මැදි වී සිටින සාමාන්‍ය වැසියන් ඉවත් කරමින් සිටි මෙම බස් රථ පෙළට පසුගියදා එල්ල වූ ප‍්‍රහාරයෙන් මියගිය ගණන 112 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *