ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ ගනුදෙනු ඩොලර් බිලියනයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළෙඳ ගනුදෙනු ඉදිරි වසර කීපයේළ අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමටත්, වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ සහයෝගීතාව වර්ධනය කිරීමටත් දෙරටේ අග්‍රාමාත්‍යවරු එකඟත්වය පළ කළහ.

ඊයේ (17) පෙරවරුවේ වියට්නාම් අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු (Nguyen Xuan Phuc) මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශ්වික නිල සාකච්ඡා පැවති අතර, වෙළෙඳ ක්ෂේත්‍රයක පමණක් නොව, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන් ද ප්‍රවර්ධනය කිරීමට පදනම සැකසීමට ද මෙහිදී එකඟත්වය පළ කෙරිණි.

ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජයීය වශයෙන් සංවර්ධනාත්මක මාවතකට අවතීරණය වීම පිළිබඳව ප්‍රසාදය පළ කළ වියට්නාම් අග්‍රාමාත්‍ය ෂුඑන් මහතා, ජාතික සංඳියාව තහවුරුකරලීම උදෙසා ශ්‍රී ලංකාව ගෙනයනු ලබන වැඩ පිළිවෙළ සාර්ථක වන බවට විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකා – වියට්නාම් ඒකාබද්ධ කොමිසම මගින් සිදු කෙරෙන කාර්යයන් මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර, දෙරටේ සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරලීම උදෙසා රජයේ හා පුද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත බුද්ධිමය පර්ෂදයක් සැකසිය යුතු බවටද මෙහිදී තීරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *