මුරලිට හෝල් ඔෆ් ෆේම් සම්මානය

(කොළඹ, ලංකාපුවත්) – ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට හිමිවන ඉහළම ගෞරව නාමය වන ‘‘හෝල් ඔෆ් ෆේම්‘‘ නාමය ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වෙත නිළ වශයෙන් ලබාදීම එළඹෙන ජුනි මාසයේදී සිදු කිරීමට තීරණය කර ඇත.

ඒ, එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සමගාමීවය.

ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් සිදු කළ සේවය අගයමින් අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය මගින් පිරිනමන ඉහළම ගෞරව නාමය වන්නේ ‘‘හෝල් ඔෆ් ෆේම්‘‘ නාමයයි.

එය මුත්තයියා මුරලිදරන් වෙත පිරිනැමීමට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ 2016 වසරේදීයි.

ඩොන් බ‍්‍රැඞ්මන්, කැරන් රෝල්ටන්, ආතර් මොරිස් වැනි ක‍්‍රිකට් ලොව විශිෂ්ටයන්ට මෙම ගෞරව නාමය පිරිනමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *