ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබෙන පාර්ලිමේන්තු විවාදය දෙන්න – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් නාය යෑම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබෙන පාර්ලිමේන්තු විවාදය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතාට ඊයේ (20) දැනුම් දී ඇත.

තිහකට අධික ජීවිත ගණනාවක් අහිමි කරමින් මීතොටමුල්ල කසළ කන්ද නාය යෑම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබුණි.

එම ඉල්ලීමට ඉඩ දෙමින් පාර්ලිමේන්තු විවාදයක් ලබා දීමට අගමැති වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *