(කොළඹ, ලංකාපුවත්) – කුඩා ජල විදුලිබලාගාර ආශ්‍රිතව සිදු කෙරෙන පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
මේ වන විටත් දේශිය කුඩා ජල විදුලි බලාගාර පද්ධතිය ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට එකතුවන මෙගාවොට් 340ක ධාරිතාව මෙගාවොට් 550ක් දක්වා වර්ධනය කිරිම සඳහා පවතින ඉඩ ප්‍රස්ථා හඳුනා ගැනීම පිළීබඳ මෙහිදී අවධානය යොමු වී තිබේ.
දේශිය ජල විදුලි බලාගාර සංවර්ධකයින් අදාළ ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතුවලදී එල්ල වන අභියෝග, පාරිසරික සමතුලිතතාව රැකෙන අයුරින් සංවර්ධන කටයුතු සිදු කිරිම සඳහා නව ක්‍රමවේද හඳුනාගැනීම වැනි කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව සඳහන්වේ.
එහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ කුඩා ජල විදුලි බලාගාර සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී නවීන තාක්ෂණය ඒ සඳහා උපයෝගි කර ගත යුතු බවය.
ගැටළු ඇති ව්‍යාපෘති හඳුනාගෙන අදාළ රාජ්‍ය ආයතනවල වෙනම කමිටු පත් කර ගනිමින් එම ගැටළු විසදීමට පියවර ගත යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරින් ද, කුඩා පරිමාණ ජල විදුලිබලාගාර සංවර්ධකයින්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ද මෙම හමුුවට එක්ව සිටියහ.