අගමැති සමග සාකච්ඡාවෙන් අනතුරුව තෙල් වර්ජනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් පසු ඔවුන් වර්ජනය අත්හැර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම් දීම අනුව ඔවුන් අරලිය ගහ මන්දිරයට පැමිණි අතර විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාද මෙම සාකච්ඡා සඳහා එක්ව ඇත.

මේ අතර අද සවස ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය විකුණා නොදමන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙතින් ලිඛිත පොරොන්දුවක් ඉල්ලා තිබිණ.

ඒ, විශය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවැත්වූ සාකච්ඡාවේදීය.

එහිදී ඛණිජ තෙල් සංස්ථාව සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති අමාත්‍යවරයා දුන් පොරොන්දුවලින් සෑහීමකට පත් නොවී ඇති අතර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *