අගමැති ඉන්දියාවේ නිල සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල කාර්ය සංචාරයක් සඳහා අද (25) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය.

මෙම සංචාරයේ දී වික්‍රමසිංහ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වන අතර, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය ද හමුවනු ඇත.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද මේ සංචාරයට එක්වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *