උතුරු කොරියාවට සම්බාධක පැනවීමට සූදානම්වන්නැයි අමෙරිකා ජනපති, ජගත් සංවිධානයට කියයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාවට සම්බාධක පැනවීමට සූදානම්වන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජගත් සංවිධානයට පවසා ඇත.

ඔහු පවසා ඇත්තේ ජගත් සංවිධානයේ ආරක්‍ෂක කවුන්සිලය උතුරු කොරියාවට සම්බාධක පැනවීමට සූදානම්විය යුතු බවයි.

ආරක්‍ෂක මණ්ඩලයේ තානාපතිවරුන් පහළොස්දෙනා ධවල මන්දිරයේ දී හමුවූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

උතුරු කොරියාවේ බැලැස්ටික් මිසයිල අත්හදාබැලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස වඩා ප්‍රබල එමෙන්ම නව සම්බාධක පැනවිය යුතු බව ඔහු පවසා ඇත. එසේම උතුරු කොරියාව ලෝකයට සැබෑම තර්ජනයක් බවද එහිදී ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *