අගමැති නවදිල්ලියට ළඟාවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීයාවේ නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25) පස්වරුවේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් නවදිල්ලි නුවරට ළඟා විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහි පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මගී ගුවන් යානයකිනි.

නවදිල්ලි නුවරට පැමිණි අගමැතිවරයා ඇතුලූ ශ්‍රී ලංකා දූත පිරිස ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දී පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං (Taranjit Singh), ප්‍රධාන සංධාන නිලධාරී සන්ජේ වර්මා ( Sanjay Verma) සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීශ්වර මහත්ම මහත්මීන් ඇතුලූ මහකොමසාරිස් කාර්යාලයීය නිලධාරීන් විසිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) නිල සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, අගමැති ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු ආසියා සහ සාර්ක් කලාපීය ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ජනරාල් අසෝක ගිරිහාගම සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්ව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *