විශ්ව විද්‍යාලවල ප‍්‍රමිතිය සොයා බලන පනත ළගදීම එයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට විශ්ව විද්‍යාලවල ප‍්‍රමිතියට අදාළව සකස් කළ නව පනත ළගදිම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාලවල ප‍්‍රමිතියද මෙමගින් නියාමනයට ලක් කරන බව ඔහු පැවසීය.

මේ බව ප්‍රකාශ කෙරුණේ ඊයේ (25) රාති‍්‍රයේ විකාශය වූ සජීව රූපවාහිනී සංවාදය කදී ය.

ඒ සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

එහිදී ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ කිසිදු අදහසක් රජයට නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *