ශ්‍රව්‍යාබාධිත ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ඇමති එස්. බී. ට හරසර දක්වති

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා ඉන්දියාවේ පැවැති ආසියානු ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී අනුශූරතාවය හිමිකරගත් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (25) අමාත්‍ය එස්. බී. දිසානායක මහතා හමු විය.

එම සංචාරයට කළ අනුග්‍රහය වෙනුවෙන් ඔවුන් අමාත්‍යවරයාට ස්තුතිය පළ කලේය.

අමාත්‍යවරයා මැදිහත්වී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති සමාජ ආරක්ෂණ අරමුදලෙන් ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් පිලේ එම සංචාරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 07ක මුදලක් ඒ සදහා ලබා දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *