පාර්ලිමේන්තුව අනිද්දා හදිසියේ රැස් කරයි

(කොළඹ, ලංකාපුවත්) – කැළි කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කිරීම දන්වා සිටීම සඳහා අප්‍රේල් මස 28වනදා පාර්ලිමේන්තුව හදිසියේ රැස් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සේවාවක්, එලෙස ප්‍රකාශයට පත් කිරීම පාර්ලිමේන්තුවට දන්වා යැවිය යුතු බැවින් හා එකී ප්‍රකාශය නිකුත් කරනු ලැබූ දිනයේ සිට දින 10 ක කාල සීමාවක් සඳහා පාර්ලිමේන්තුව කල් තබා ඇති බැවින් මෙලෙස හදිසියේ පාර්ලිමේන්තුව රැස් කිරීමට සිදුව තිබේ.

ඒ අනුව මෙම ගැසට් නිවේදනයෙන් විදියෙන් ඉවතලන කැළි කසළ, නිවාසවලින් ඉවතලන කැළි කසළ හෝ එබදු වෙනත් දෑ ඉවත් කරලීම, එක්රැස් කරලීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, පිරිසැකසුම, වෙන් කිරීම, පිළියම් යෙදීම, බැහැර කිරීම සහ විකිණීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් විසින් හෝ එබදු යම් පළාත් පාලන ආයතනයක් සඳහා හෝ වෙනුවෙන් ඉෂ්ඨ කරනු ලබන හෝ පවත්වාගෙන යනු ලබන හෝ කිසියම් කාර්යය පැවරුමක් සම්බන්ධයෙන් ඉටු කරනු ලැබිය යුතු හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වු කවර වුව ආකාරයේ සියලූම සේවාවන්, වැඩ හෝ ශ්‍රමය යෙදවීම මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *