ශ‍්‍රී ලාංකීය අපේක්ෂාවන් සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියන් සාගරයේ ආර්ථික, වෙළද, සමාජීය සහ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ‍්‍රී ලාංකීය අපේක්ෂාවන් සඳහා පූර්ණ සහාය ලබා දෙන බව ඉන්දු – ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරුන් අතර ඊයේ (26) පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවේ දී අවධාරණය විය.

ඒ අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් යුතු යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව ගෙන යනු ලබන වැඩපිළිවෙල වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන බව ඉන්දීය රජය ප්‍රකාශ කල අතර හවුල් ව්‍යාපාර සහ අනෙකුත් සහයෝගීතා ක‍්‍රියාකාරකම් ඔස්සේ දෙරටේම ජනතාවට සමබර ප‍්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් වන ගිවිසුමකට ද මෙහි දී අත්සන් තබා තිබේ.

ද්‍රව ස්වභාවික වායු නිෂ්පාදනය, සූර්ය බලාගාර ස්ථාපිත කිරීම, ත‍්‍රීකුණාමල නගරය, වරාය හා ආර්ථික කළාප සංවර්ධනය පිළිබඳ කරුණු මෙම ගිවිසුමට ඇතුළත්ව ඇති අතර මාර්ග සංවර්ධනය, දුම්රිය සේවා නවීකරණය, බහාලුම් පර්යන්ත ආදි ක්ෂේත්‍ර ගණනාවක් ද ඊට ඇතුළත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *