අත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවා සැපයීම හා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වන්නා වූ සේවාවන් පවත්වා ගැනීම සඳහා වන අතිගරු ජනධිපතිතුමා විසින් නිකුත් කළ ප්‍රකාශය අද (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය ඉදිරිපත් කළේ ය.

ජනජීවිතයට අත්‍යවශ්‍ය වන්නා වූ සේවාවක් වන පහත උපලේඛනයේ දක්ව ඇති සේවාවන් පවත්වාගෙන යාම මහජන යහපත සඳහා අවශ්‍ය බවට තීරණය කර ඇති හෙයින් ද එකී උපලේඛනයේ දක්වා ඇති සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරන්නා වූ නියෝගයක්, ( 40 වැනි අධිකාරය වූ ) මහජන ආරක්ෂක ආඥා පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවට දන්වා සිටිය යුතු යැයි නියම කරනු ලැබ හෙයින්ද,
ඒ ප්‍රකාශය නිකුත් කරනු ලැබූ දිනයේ සිට පාර්ලිමේන්තුව දින දහයක් තුළ දී අවසන් නොවන්නා වූ කාල සීමාවක් සඳහා කල්තබා ඇති හෙයින් ද,
ආණ්ඩුක්‍රම් ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු මහජන ආරක්ෂක ආඥා පනතේ 2 (3) වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන මම, අත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තුවට දන්වා සිටීම සඳහා 2017 අප්‍රේල් මස 28 වැනි දින පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්වීම පිණිස මෙම ප්‍රකාශය මඟින් කැඳවා සිටිමි.

උපලේඛනය-

වීදියෙන් ඉවතලන කැළි කසල, නිවාසවලින් ඉවත ලන කැළි කසළ හෝ එබඳු වෙනත් දෑ ඉවත් කරලීම, එක්‍රැස් කරලීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, පිරිසැකසුම,වෙන් කිරීම, පිළියන් කිරීම, බැහැර කිරීම සහ විකිණීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් විසින් එබඳු යම් පළාත් පාලන ආයතනයක් සඳහා හෝ වෙනුවෙන් ඉෂ්ඨ කරනු ලබන හෝ පවත්වාගෙන යනු ලබන හෝ කිසියම් කාර්යය පැවරීමක් සම්බන්ධයෙන් ඉටු කරනු ලැබීය යුතු හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ කවර වුව ආකාරයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රමය යෙදවීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *