ඉරිදා සිට ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) – ලබන ඉරිදා(30) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, මාධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස දෙකෙන් පසුව, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *