(කොළඹ, ලංකාපුවත්) – කොළඹ මහ නගරසභාවේ කැලිකසළ පිළියන්දල, කරදියාන කසළ අංගණයට බැහැර කිරීම හෙට(29) සිට අත්හිටුවන ලෙසට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
අප්‍රේල් මස 17 වන දින සිට අප්‍රේල් මස 28 වන දින දක්වා දිනකට කසළ මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසළ අංගණයට බැහැර කරන ලෙස මීට පෙරාතුව අධිකරණය විසින් නියෝග කර තිබුණි.
කෙසේ වෙතත් මෙම කාලය දීර්ඝ කරන ලෙස නගරසභා නිලධාරීන් විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර නොමැති බැවින් කොළඹ මහ නගර සභාවේ කසළ කරදියානය බැහැර කිරීමට අවසර පවත්නේ අද දිනය තුළ පමණක් බවත්, ඒ අනුව හෙට දිනයේ සිට ඊට වලංගුභාවයක් නොමැති බවත් අධිකරණයේ මතය වී ඇත.