ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට ඉන්දීය සහය

(කොළඹ, ලංකාපුවත්) – යාපනය – මන්නාරම – ත්‍රිකුණාමලය මහා මාර්ගය සහ දඹුල්ල – ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළුව ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කාර්යයන් සඳහා ඉන්දීය මාර්ග ප්‍රවාහන, මහාමාර්ග සහ නාවුක අමාත්‍යංශයේ පූර්ණ සහය ලබා දෙන බව අමාත්‍ය නිතින් ගද්කාරි (Hon. Nitin Gadkari) මහතා පැවසීය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ලාංකේය නියෝජිත පිරිස පසුගිය 26වනදා හමුවෙමින් ගද්කාරි මහතා පැවසූයේ, මේ වන විට තම අමාත්‍යංශය යටතේ දිනකට කිලෝමීටර 23 ක මහා මාර්ග ඉදි කෙරෙමින් පවතින බව ය.

නවීන තාක්‍ෂණය හා සිය අත්දැකීම් පදනම් කරගනිමින් වසර සියයක් පුරා කල්පවතින අන්දමින් මාර්ග ඉදිකිරීමේ ශක්‍යතාව දැන් ඉන්දියාව සතු බව අවධාරණය කළ ගද්කාරි මහතා, එවන් ඉහළම ප්‍රමිතියකින් යුතු මාර්ග ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ද අවධාරණය කළේය.

මහා මාර්ග සහ අධිවේගී මාර්ග ආශ්‍රිතව නව ආර්ථිකයන් නිර්මාණය කරලීමේ අවශ්‍යතාව හා හැකියාව සම්බන්ධව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *