ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් එළිදක්වයි

(කොළඹ, ලංකාපුවත්) – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය “Lanka Stat”ලෙස 2017 අප්‍රේල් මස 26වන දින එළිදක්වන ලද බව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි.

ප්‍රථම අදියර ලෙස ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන අයුරින් මෙම මෘදුකාංගය නිමවා ඇත.

දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කෙරෙන ප්‍රජා විද්‍යාත්මක සමාජීය හා ආර්ථික දර්ශක ඍජුවම ජංගම දුරකථනයට ලබාදීම මඟින් තොරතුරු කාලීනව හා කාර්යක්‍ෂමව ජනතාවට ලබාදීම වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන නිර්මාණය කොට ඇත. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන ස්මාට් ජංගම දුරකථනයකින්“Google Play Store”වෙත යොමුවී “LankaStat”ලෙස සෙවීමෙන් මෙම මෘදුකාංගය දුරකථනයට ඇතුලත් කර ගත හැකිය.

මෙම පද්ධතිය මඟින් නව සංඛ්‍යාති ප්‍රකාශයට පත්කිරීමේදී සහ දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති සංඛ්‍යාති යාවත්කාලීන කරන සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳව පණිවිඩයක්“LankaStat”මෘදුකාංගය සහිත ජංගම දුරකථනයේ දිස්වනු ඇත.මෙමඟින් දත්ත භාවිතාකරන්නන් හට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන සංඛ්‍යාති පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වියහැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා දෙපාර්තමේන්තුව මඟින් පිළියෙල කරනු ලබන ප්‍රජාවිද්‍යාත්මක සමාජීය හා ආර්ථික ක්‍ෂේත්‍රයන් පිළිබඳව සංඛ්‍යාතිවිවිධ පාර්ශවයන් වෙත කඩිනමින් ලබාදීමට තොරුතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදාගැනීමට ජනලේඛනහාසංඛ්‍යාලේඛනදෙපාර්තමේන්තුව ප්‍රමුඛත්වයක් ලබාදී ඇත.

තවදතොරතුරු ප්‍රචලිත කිරීම සඳහා දෙපාර්තමේන්තුව උපයෝගී කරගන්නා උප වෙබ් අඩවි අතරට අළුතින්ම එකතුවන උප වෙබ් අඩවිය”LankaStatMap”ලෙසඑළිදැක්වීමද2017 අප්‍රේල් මස 26 වන දින සිදුකරන ලදී.පරිගණකය හෝ ජංගම දුරකථනය භාවිතා කරmap.statistics.gov.lkවෙබ් ලිපිනය වෙත යොමු වීමෙන් හෝ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෙබ් අඩවිය වන www.statistics.gov.lkතුලට පිවිසීම මගින් මෙමඋප වෙබ් අඩවියට පිවිසිය හැකිවේ. දෙපාර්තමේන්තුව විසින් පිළියෙළ කරනු ලබන සංඛ්‍යාති පරිපාලන ඒකකය (පලාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා ග්‍රාම නිලධාරී වසම) අනුව වෙනස්වන අකාරය සිතියම් සහිතව විවිද අයුරින්ඉදිරිපත් කිරීමට මෙම උප වෙබ් අඩවිය සමත්වේ.

ඕනෑම පරිපාලන ඒකකයකතොරතුරු චන්ද්‍රිකා ඡායාරූප හා මාර්ග සිතියම් දර්ශණමත ප්‍රදර්ශනය කිරීමෙන් එහි භූගෝලීය පිහිටීම පිළිබඳ තොරතුරු හා සංඛ්‍යාන දත්ත සංසංඳනාත්මකව විශ්ලේශණය කිරීමට හැකිවීම “LankaStatMap”වෙබ් අඩවිය තුලින්තොරතුරු ලබාගැනීමෙහි ඇති විශේෂත්වයයි. මෙහි ප්‍රථම පියවර ලෙස 2012 වර්ෂයේදී පවත්වන ලද ජන හා නිවාස සංගණනයේ තොරතුරු  දිවයිනේ කුඩාම පරිපාලන ඒකකය වන ග්‍රාම නිලධාරී වසම දක්වා මෙම උප වෙබ් අඩවියෙහි ඇතුලත් කර ඇත. පරිගණක තිරයේ දැක්වෙන පරිපාලන ඒකක සිතියමේ අදාලපරිපාලන ඒකකය තෝරා ගැනීමෙන් එම පරිපාලන ඒකකයට අදාලවූදත්ත ඉහත අයුරින් නිරීක්ෂණය කළ හැක.

දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ යම් පරිපාලන ඒකකයකට අදාල සංඛ්‍යානමය තොරතුරු භූගෝලීය තොරතුරුද සමඟ ලබාදීම තීරණ ගැනීමේදී වඩා ප්‍රතිඵලදායක වන බැවින් ඒ සඳහා අවශ්‍යවම පැවති අංගයක් වන මෙම උප වෙබ් අඩවිය එළිදැක්වීම ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා නිවැරදි සංඛ්‍යාන තොරතුරු ලබාදීමේ ක්‍රියාමාර්ගයේ වැදගත් හැරවුම් ලක්‍ෂ්‍යයක් වනු ඇතැයි දෙපාර්තමේන්තුව අපේක්‍ෂා කරයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *