සියලු වැසියන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සලස්වා තිබෙනවා – මුදල් ඇමති

(කොළඹ, ලංකාපුවත්) – තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව නව ගමනක් යාමට ආරම්භ කර ඇති මොහොතක එහි සියලු වැසියන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සලස්වා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කලාපයේ ජීවත්වන ජනයා එහි සංවර්ධන වේගයට වැඩි වේගයකින් වයසට යමින් සිටින බැවින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සමාජ යටිතල පහසුකම් සැපයිය යුතුව ඇති බවයි.

මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තායිලන්තයේ බැංකොක් නුවර පසුගිය 28 දා ආරම්භ වූ ආසියා පැසිෆික් රටවල සංවර්ධනය සඳහා මූල්‍ය සම්පාදනය යන මැයෙන් ආසියා පැසිෆික් රටවල් සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද 4 වන ඉහළ පෙළේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

සමුළුව සඳහා ආසියා පැසිෆික් කලාපීය සියලු රටවල ආර්ථික මූල්‍ය යන ක්ෂේත්‍රයන්ට සම්බන්ධ නියෝජිතයෝ එක්ව සිටියහ.

සමුළුවේ සභාපති ධුරය ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට හිමි විය.

මූල්‍ය විනය සහ විනිවිධභාවය සම්බන්ධයෙන් කලාපීය රටවල පැසසුම් ශ්‍රී ලංකාවට හිමිවීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *