නියඟයෙන් විපතට පත්වූවන්ට අඛණ්ඩව සහන

(කොළඹ, ලංකාපුවත්) – නියඟයෙන් විපතට පත්වූවන්ට අඛණ්ඩව සහන සළසන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ජල බවුසර් මගින් ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බවය. ඒ සදහා අමතර ජල බවුසර් 150ක් පමණ යොදවා ඇත.

එසේම ජනතාවගේ ජල අවශ්‍යතාවන් පිළිබඳ දැනුම්දීම සඳහා 117 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මක බව කොඩිප්පිලි මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *