(කොළඹ, ලංකාපුවත්) – ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පළකෙරෙන සමාජ විරෝධී ප්රකාශන සහ දර්ශන අධීක්ෂණය කිරීම සඳහා තුන්දහසක පිරිසක් යොදවන බව එහි නිර්මාතෘ මාර්ක් සකබර්ග් පවසයි.
ඉදිරි වසරක කාලය ඇතුළත මෙම කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට නියමිතය.
ෆේස්බුක් ජාලයේ පළකෙරෙන වෛරී ප්රකාශන, ළමා අපචාර සහ ස්වයං හානිකර දර්ශන මෙම මෙහෙයුම් කණ්ඩායම විසින් අධීක්ෂණයට ලක් කරනු ඇත.
ෆේස්බුක් ජාලයේ කළමනාකරුවන් මෙම තීරණය ගෙන ඇත්තේ මිනීමැරුම් සහ සිය දිවි හානිකර ගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය දා සජීවීව විකාශනයවීමෙන් අනතුරුවය.