ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමිව කුලදරුවන් දහසකට පැවිදි භාවය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී බුද්ධ වර්ෂ 2561 තෙමගුල හා ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමිව අනුරාධපුර රුවන්වැලි මහා සෑ අභියසදි ඊයේ (03) කුලදරුවන් දෙසියක් සසුන් ගත කළේය.

ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමිව කුලදරුවන් දහසකට(1000) පැවිදි භාවය ලබාදිමේ වැඩසටහනේදි බෙලිඅත්ත ප්‍රදේශයේ දම්මුල්ල විහාරස්ථානයේදි කුල දරුවන් 75කු සසුන් ගත කළ අතර රුවන්වැලි මහා සෑ මළුවේදි තවත් දෙසිය දෙනෙකු මේ අනුව පැවිදි කිරිම සිදුවිය.

මෙහිදි රුවන්වැලි සෑ චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි ඇතුළු මහසගරුවන පංච සිලය පිහිටුවා සෙත්පිරිත් සච්ජායනය කරමින් පැවිදි භාවය ලබා දුන්හ.

ඉන් අනතුරුව මුස්ලිම් කටයුතු හා තැපැල් ඇමති අබ්දුල් හලිම් මහතාද තැපැල්පති වරයාද අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් අධිකාරිවරිය එකතුව කුලදරුවන් දහසක් සසුන් ගත කිරිම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය මහා සඝරුවනට පුජා කළේය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක කුරුණෑගල ඇතුගල්පුර විහාරයේ විහාරාධිපති පුජ්‍ය ආනමඩුවේ ධම්ම දස්සි නාහිමි,අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස,රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන යන නාහිමි වරු ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි සිදු කළ මෙම පුන්‍ය උත්සවයට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක,බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ,කුඩා කර්මාන්ත ඇමති දයා ගමගේ,ග්‍රාමිය ආර්ථික කටයුතු ඇමති පි. හැරිසන්,මුස්ලිම් කටයුතු හා තැපැල් ඇමති අබිදුල් හලිම්,යන මහජන නියෝජිතයින් ඇතුළු දහසකට අධික පිරිසක් සහභාගිවි සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *