ස්වභාවික ධ්‍රැවිකෘත වායු බලාගාරයක් හැදීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ස්වභාවික ධ්‍රැවිකෘත වායු බලාගාරයක් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මෙ. ටො. 300ක ධාරිතාවයකින් එය යුක්ත ය.

බලාගාරය හැදීමට අවශ්‍ය ටෙන්ඩර් කැදවා එම කටයුතු දැනටමත් අවසන් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. නොරොච්චෝලේ බලාගාරයෙන් පසු මෙරට ඉදි කෙරෙන විශාලතම බලාගාරය ලෙස මෙම වායු බලාගාරය හැදින්විය හැකිය.

එසේම පසුගිය මාස 08ක කාලය තුළ දී සූර්ය බල සංග්‍රාමය ව්‍යාපෘතිය හරහා මෙ. ටො. 50ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කර ඇත.

මීට අමතරව මන්නාරමේ මෙ. ටො. 100ක සුළං බලාගාරයක් ඉදිකිරීම සදහා ඉදිරි සති දෙක තුළ ටෙන්ඩර් කැදවීමට නියමිත බවද අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මෙ. ටො. 240ක තවත් සුළං බලාගාරයක් ඉදිකිරීමට ද මේවන විට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *