රොනල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමික සමාජය කෝටි දහය ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක පාපන්දු පිටියේ පෙරළිකාර ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ අනුගාමිකයන් (followers) කෝටි දහය ඉක්ම වූ පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව ඇත.

ඔහුගේ අනුගාමිකයන් සංඛ්‍යාව මේ සතිය තුළ දී කෝටි දහයක් බවට පත් වූයේ ඔහු සිය හතළිස් හත් වෙනි ගෝල ත්‍රිත්වය (hat-trick) වාර්තා කොට දින කිහිපයකට පසුවය.

ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ වැඩිම රසිකයන් හිමි පිරිමියා වන පෘතුගීසි ජාතික පාපන්දු තරුව අනුගාමිකයන් වැඩිම සංඛ්‍යාවක් හිමි ගිණුම් අතරින් හය වෙනි ස්ථානයේ මේවන විට පසු වේ.

බියෝන්සේ, ටේලර් ස්විෆ්ට්, අරියානා ග්‍රෑන්ඩේ, සෙලීනා ගෝමස් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ජාලයේ නිල ගිණුම රොනල්ඩෝට වඩා ඉදිරියෙන් වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *