පසුගිය වසරේ මෙරට ආර්ථිකය 4.4%කින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –2016 වසරේදී මෙරට ආර්ථිකය 4.4%කින් වර්ධනයවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මහබැංකුවේ 2016 වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් පැවති දේශනයක දී මේ බව හෙලිකෙරුණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව සම්බන්ධ දේශනය මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එහිදී වාර්ෂික වාර්තාව සම්බන්ධ දේශනය පැවැත්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ යුනිකා ඉන්ද්‍රරත්න මහත්මිය ආර්ථික වර්ධන වේගය පිළිබද පැහැදිලි කළාය.

2016 වසරේදී ආර්ථිකය 4.4%කින් වර්ධනයවී ඇති බවයි ඇය පෙන්වා දුන්නාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *