මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි සති දෙක තුනේ දී ඇති විය හැකි මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු උණ රෝගය ඉහළ යාමේ ප්‍රවනතාවක් පැවැතිය හැකි බව මුල්ලේරියාව උණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කරයි.

ඩෙංගු උණ රෝගය හේතුවෙන් මුල්ලේරියාව උණ රෝහලට (අයි. ඩී. එච්) දිනකට රෝගීන් 100ක පමණ සංඛ්‍යාවක් ප්‍රතිකාර ගැනීමට පැමිණේ. එසේම රක්තපාත අවස්ථාවේ සිටින රෝගීන් වැඩිපුර ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බවද වෛද්‍යවරයා සදහන් කර සිටියි.

ඉදිරි සති දෙක තුනේ දී මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග දැනට පවතින වංසගත තත්ත්වය මීට වඩා උග්‍ර විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

කිසියම් අයෙකු දින දෙකක් පමණ උණ රෝගයෙන් පෙළෙන්නේ නම් දෙවැනි දිනයේ දී සම්පූර්ණ රුධිර පරික්‍ෂාවක් සිදු කර ගත යුතු වේ.

මේවන විට කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, රාගම, මීගමුව ඇතුළු රටපුරා රෝහල් උණ රෝගීන්ගෙන් පිරී පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *