වියළි කාලගුණය නිසා විශ්වාසය ඇති ස්ථානයකින් ආහාර හා ජලය ලබා ගන්න

(කොළඹ, ලංකාපුවත්) – පවතින වියළි කාලගුණික තත්ත්වය යටතේ ජනතාව විශ්වාසය ඇති ස්ථානයකින් ආහාර හා ජලය ලබා ගැනීම ඉතා වැදගත් බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කරයි.

නිවසේ දී උණුකර නිවා ගත් ජගය හා නිවස තුළ සකස් කර ගත් ආහාර බැහැරගත වීමේ දී රැගෙන යාම ඉතා කාලෝචිත වන බව ඔහු පෙන්වා දෙයි.
එසේම පානීය ජල බෝතල් මිලදී ගැනීමේ දී එහි මූඩියේ ඇති මුදාව හා ලේබලය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. ව්‍යාජ ලෙස මුද්‍රා තබමින් ප්‍රමිතියෙන් තොරව පුරවන ලද ජල බෝතල් වෙළෙඳපල තුළ පැවතීම මීට හේතුව බව උපුල් රෝහණ මහතා පැවසීය.

එසේම අව් රශ්මියට හැකි තරම් නිරාවරණය නොවීම ඉතා වැදගත් බවද හෙතෙම කියා සිටියි. ඒ සදහා ආරක්‍ෂිත උපක්‍රම භාවිත කිරීම වැදගත් වේ.

එසේම සෑම පාසල් දරුවෙකුයම උතුරවා නිවා ගත් ජලය බෝතලයක් පාසල් රැගෙන යෑමට ලබාදීම මව්පියන්ගේ වගකීමක් බව ද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *