සංචාරක තොරතුරු මාර්ග උපදේශන යන්ත්‍රයක් උතුරු මැදින්

(කොළඹ, ලංකාපුවත්) – දෙස් විදෙස් සංචාරකයින් සඳහා තොරතුරු ලබාගත හැකි ප්‍රථම සංචාරක තොරතුරු මාර්ග උපදේශ යන්ත්‍රයක් උතුරු මැද පළාත් සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථාපනය කෙරේ.

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණි.

මෙමගින් සංචාරකයින්ට කිසිවෙකුගේත් සහයක් නොමැතිව, අවශ්‍ය තොරතුරු යන්ත්‍රය මගින් ලබා ගැනීමට හැකියාව පවති.

ඉදිරියේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් ස්ථාන හතරක මෙවැනි යන්ත්‍ර ස්ථාපිත කිරීමට අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනුයේ වානිජ මණ්ඩලය හා උතුරු මැද පළාත් සභාව එක්වය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *