ඇෆ්ගනිස්තානයේ IS ත්‍රස්ත නායකයා ඝාතනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්තානයේ IS ත්‍රස්ත නායකයා වන අබ්දුල් හසීබ් නැමැත්තාව ඝාතනය කළ බව එරට ජනාධිපති අෂ්රොෆ් ගානි කියා සිටියි.

ඇෆ්ගනිස්තාන විශේෂ බළකාය මගින් නැගෙනහිර ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි ත්‍රස්ත නායකයා මෙසේ ඝාතනයට ලක්ව ඇති බව පැවසේ.

පසුගිය දා ඇෆ්ගනිස්තානයේ හමුදා රෝහලට එල්ල කළ ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු වන්නේ ද අබ්දුල් හසීබ් නැමති මෙම ත්‍රස්ත නායකයාය. හමුදා රෝහලට එල්ලවූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *