දන්සල්වලට බෞද්ධ කොඩිය යොදා ගන්න එපා – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

(කොළඹ, ලංකාපුවත්) – වෙසක් සමයේ දන්සල් සඳහා ජනතාව එක්රැස් කිරීමට බෞද්ධ කොඩිය යොදා නොගන්නා ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දන්සල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් සිදුකරයි.

ඒ සඳහා කහපැහැති කොඩියක් භාවිත කළ හැකි බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙලගෙදර මහතා පැවසීය.

ඊයෙන්(07) ආරම්භ වූ වෙසක් සතිය තුළ සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔසවා තබන ලෙස ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *