ප්‍රංශ ඉතිහාසයේ ළාබාලතම ජනපති ලෙස මැක්‍රෝන් පත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට එමානුවෙල් මැක්‍රෝන් සමත්වේ.

තරගකාරී ජනාධිපතිවරණ සටනින් ඔහුගේ ප්‍රතිවාදී මරීන් ල – පෙන් පරදා ජයග්‍රහණය කිරීමටයි මැක්‍රෝන් සමත්විය.

ඔහු 66.06%ක ඡන්ද ප්‍රතිශතයක් හා ඔහුගේ ප්‍රතිවාදී මරීන් ල – පෙන් 33.94%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව විදේස මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ අනුව ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා ලෙස නම සටහන් කරමින් එමානුවෙල් මැක්‍රොන් ජයග්‍රහණය කර තිබේ.

එමානුවෙල් මැක්‍රොන් මේවන විට 39වැනි වියෙහි පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *