ඔබාමාගෙන් ජනපති ට්‍රම්ප්ට අනතුරු ඇගවීමක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරට මයිකල් ෆ්ලින් පත්කිරීමට එරෙහිව හිටපු ජනපති බරක් ඔබාමා විසින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත අනතුරු ඇඟවීමක් සිදු කළ බව ධවල මන්දිර වාර්තා සදහන් කරයි.

පසුගිය නොවැම්බර් මාසයේ පැවති අමෙරිකා ජනාධිපතිවරණයෙන් දෙදිනක් ගත වීමටත් පෙර එවක ජනාධිපති බරක් ඔබාමා, ට්‍රම්ප් වෙත මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව වාර්තා වේ.

අනුතරුවමයිකල් ෆ්ලින් එරට ජාතික ආරක්ෂක උපදේශක ලෙස පත්කළ ද, රුසියානු බළධාරීන් සමඟ පැවති දැඩි සබඳතා හේතුවෙන් ඔහුව එම තනතුරින් ඉවත් කෙරුණි.

හිටපු හමුදා ජෙනරාල් වරයකු වන ෆ්ලින් එළඹෙන සඳුදා දිනයේදී රුසියාව සමඟ පැවති සබඳතා පිලිබඳ සාක්ෂි විමසීමට සෙනෙට් මණ්ඩලය ඉදිරියට කැඳවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *