බන්ධනාගාර වෙසක් කලාපය මෙවරත්

(කොළඹ, ලංකාපුවත්) –  ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව බන්ධනාගාර වෙසක් කලාපය මෙවෙර ද පැවැත්වේ.

ඒ අනුබන්ධනාගාර නිලධාරීන්ගේ බෞද්ධ සංගමය මගින් මැයි මස 10 වන දින සිට 14 වන දින දක්වා එය ක්‍රියාත්මක ය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(10) ප.ව.7.00 සිට බන්ධනාගාර මූලස්ථාන පරිශ්‍රය අභියස බේස්ලයින් මාර්ගයේ දී මෙය ආරම්භ කෙරේ.

මෙහිදී වැලිකඩ බන්ධනාගාරයෙන් දර්ශණීය වෙසක් තොරණ, දිවයිනේ අනෙකුත් සියලු බන්ධනාගාර මගින් දර්ශණීය පහන් කූඩු හා බැති ගී සංදර්ශන, බත් දන්සැල්, අයිස්ක්‍රීම්, ඔසුපැන් හා බනිස් දන්සල් ද එම දිනයන් හි පැවැත්වේ.

මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන තොරණ හා වෙසක් කූඩු බන්ධනාගාරගතව සිටින රුඳවූවන් විසින් නිර්මාණට කරන ලද නිර්මාණයන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *