දකුණු කොරියාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –දකුණු කොරියවේ ජනාධිපතිවරණය අද(09) පැවැත්වේ.

ඉන් ජයග්‍රහණය කරන අපේක්ෂකයා හෙට දිනයේ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය. දකුණු කොරියාවේ හිටපු ජනාධිපති පාර්ක් ගෙවුන් හේට එරෙහිව දූෂණ චෝදනා එල්ල විය.

එම චෝදනා සම්බන්ධයෙන් ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට ඇය ධූරයෙන් පහ කෙරුණේ ඉකුත් මාර්තු 10 වැනිදාය.

එම නිසා දකුණු කොරියාවේ දින 60ක් ඇතුලත ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය. ඒ අනූව, ලබන දෙසැම්බර් 20 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය අද පැවැත්වේ.

මෙම මැතිවරණය සම්බන්ධයෙන් සිදු කෙරුණු ජනමත සමීක්ෂණවලදී වාමවාදී අපේක්ෂක මූන් ජේ ඉදිරියෙන් සිටින අතර මධ්‍යස්ථවාදී අපේක්ෂක අන් චියොල් සු ගෙන් ඔහුට ප්‍රබල අභියෝගයක් එල්ල වන බව හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *