“නැවුම් පළතුරු අපනයනය” පිළිබඳ එක් දින වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සීග්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් වඩාත් ඵලදායී හා පුළුල් සේවාවන් රැසක් කර්මාන්තහිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත.

ඒ යටතේ “නැවුම් පළතුරු අපනයනය ”පිළිබඳ එක් දින වැඩමුළුවක් 2017 මැයි 25 දින පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා තාක්ෂණික සේවා අංශය දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම තාක්ෂණ පුහුණු වැඩමුළුවේදී ශ්‍රි ලංකාවේ පළතුරු පිළිබඳ හැදින්වීම, පසු අස්වනු තාක්ෂණය, ප්‍රවාහනය, අපනයනය සඳහා ඇසුරුම් කිරීම, ගබඩා කිරීම සහ නිරෝධානය (Quarantine) පිළිබඳව දැනුවත් කරනු ඇත.

මෙම වැඩසටහනට සහභාගී විමට කැමැත්තක් දක්වන්නේ නම් 2017 මැයි 24 හෝ ඊට පෙර අධ්‍යක්ෂ, තාක්ෂනික සේවා අංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 615, ක‍ටුබැද්ද, මොර‍ටුව. යන ලිපිනයට ලිපියක් එවීමෙන් හෝ කාර්යාලයට පැමිණ හෝ 0112605278 ට ඇමතීමෙන් හෝ [email protected] ට ඊ මේල් පණිවිඩයක් ලබා දීමෙන් හෝ ලියාපදිංචි විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *